මම ගින්නෙන් දැවෙන ගෙයක් දිටිමි

දිනෙක මම ගින්නෙන් දැවෙන
ගෙයක් දිටිමි
ගිනි දලූ වහල තෙක් දික්විණ
වහා එතනට ගොස් බැලීමි
තවමත් එහි නිවැසියෝ සිටිති
ෙදාර පියන් හැර දමා මෙසේ කතා කළෙමි
“නිවස ගිනි ගෙන ඇත. වහා පිටතට එන්න.”
එහෙත් ඔවුන්ට ඉක්මනක් නැත.
ඇහි බැම පවා දැවී යද්දී
එකෙක් මෙසේ ඇසී ය.
‘ඇත්තෙන්ම පිටත කොයි වගේ ද?
වැස්ස එහෙම පවතී ද? සුළඟ සැර ද?
එහි අපට වෙනත් ගෙයක් තිබේ ද?
ආදි කෙළවරක් නැති පැන විමැසිණ.
මම ආපසු හැරුණෙ මි.
මට සිතුණේ, පැන අසා නිම කරන්නට පෙර
ඔවුනට ගින්නේ මිය යාමට වුවමනා බවයි.
සැබැවින්ම පින්වත්නි,
පොළොව ගිනි ගෙන දෙපතුල් දැවෙන තුරු
එතැනින් බැහැරවීමට නොසිතන්නේ නම්
එවැන්නෙකුට කීමට බණක්
මට නැත්තේ මැයි.”
බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ සුප‍්‍රකට කවියක්